Sunday, June 4, 2023

Amma-අම්මා-Mother-Mathaka Amathum-Nimalasiri Klubadanagama

 අම්මා

Image by Mircea Ploscar Pixabay.com



උයා බත ඇහි පියෙන වේගෙට

අනුව ගේ උන් උසේ පිළිවෙල

බෙදාදී මුට්ටියේ අඩියට

ඉතිරි බත් හුළු දෙක ඇහිද කන

පහර කා බඩගින්දරේ සැර

කහට හුස්මට දෙකට ඇද ඇද

රඟයි ලෙද කිස නිමව අම රස

 

වැතිර නැත සැප පහසු සයනෙක

මතක වකුටුව දොඩනු සිහිනෙක

අඳුරු ලිප මුල්ලක නොවෙයි නම්

පැදුරු රොඩ්ඩක බංකුවක් උඩ

ලැබුණු හැම රස නෙරියෙ බැදගෙන

තබා දරු මුව පිනාගිය සඳ

විලස ඈ මුව ගෑව මසවුල

 

දරු සිනා මල් දැක දැක

විලස හිරු මල හිරු නැගුණ කල

උන්ගේම දුක දැක

බිදියි උන්ටත් වැඩි කඳුළු කැට

උන් ගිලන් වූ කළ

ලෙසට හිරු මල හිරු නොදුටු කල

විදියි දහ දුක උනුත් පරයා

යොමා උණුකළ  ඇගේ බුදු නෙත


නැත ලොව වදන් තව  

ඔබේ ගුණ පබදින්න කවි කර

පසඟ පිහිටා නමදින්නට

නුඹට වැඩි උතුමෙක් කොහිද මට

 

සිඹිමි ගොරැහැඩි රැළි නැගුණු අත

නේක දුක්විදි ශිලා කවිපොත

නුබේ ඩහදිය සුවඳ විද විද

ඉන්න ඇත්නම් මගෙ ඉතුරුටික


2 comments:

  1. හරිම ලස්සන පද පේලි අයියා, මේක නුවර අම්ම ළඟ වාඩි වෙලා කියවන්න ඇත්නම් .! අම්මට තව තෑගි මොකටද...

    ReplyDelete





  2. ස්තුතියි මල්ලී. ඔක්කොම අම්මලා එහෙම තමයි.

    ReplyDelete