ම පුතුණුවෙනි!
(අවසන් ගමන් යාම සදහා තෝරාගත හැකි විවිධ අංගෝපාංගයන්ගෙන් යුතු අවමංගල පැකේජ ඇතුලත් මෙනුපත දැක ලියු කවිය)
නැගුණත් හිරැ එළිය කර
බැස යයි ලොව ඇඳීරි
කර
පිපුනත් මල් සුවඳ කර
ගිලිහෙයි රුව මිලින කර
තැනුවත් යකුරු උණු කර
පස් වේ යදම් මළ කර
ගලා එන මහ නදී සැඩකර
සැනහී නිදති සමුදුර
වී ලෝ දහම මනහර
පුතු සිත තබමි කවි
කර
දිනක යමි ඔබ අතහැර
මම ආ ගමන නිමකර
පුත නුඹ උපන් එදවස
දැනිනි මා සක්විති ලෙස
පිපුනි සිත් මල්
සහස
ඇසිමි පතුලින් ජය ගොස
බිම පත් ලේන් පොවු ලෙස
හඬන විට මා අභියස
ඉනූ දරු සෙනෙහස
ඉහිරුණි අගින් මා
ඇස
පෑ භව මතක තරු රැස
ඔබය පුතු කප්
සුවහස
සිහිවී පෑමි මදහස
මට මා පියා කී බස
යා හැක සිනාසී බැස
තබා බර පුතු උර හිස
මා මිලින වූ දවසට
නොසිතව සැවය පියෙකුට
ගෙවා මිල මල්කරුනට
සරසා ලෙසට මඟුලට
හොවා මල් මත සැපට
නිගා නොකරනු මෙමට
නොවටී සිරුර දරකට
සලකා ගැරඩි කුණකට
වඩා නොතබා දිනකට
ඉවතලනු කය සොහොනට
දරු සෙනෙහස මහත
කවි කරවන්න පද නැත
තබා දරුවන් හිස මත
රකී ලෙස තම දෙනෙත
නොසිදේ බිදක් දරු සිත
යතත් ගිලිහී මුකුලිත
සුවඳ රැඳී සේ මල් මත
තරු වී දිලී ගගනත
දරුවන් වෙතම දියනෙත
සිටී නම් දුක්
සුළි මත
තැවී නොනිදා යහනත
දරු දුකින් වී කම්පිත
උණුවේ සැණින් හදවත
සුළං රැල වී සිඹ
නෙත
අහස ගුගුරා වැළපෙත
කඳුළු වගුරා පියසි මත
නළවයි පෙමින් මිහිකත




