Sunday, July 2, 2023

Paludu Sada-පළුදු සඳ-The Broken Moon-Mathaka Amathum-Nimalasiri Kalubadanagama


පළුදු සඳ


Photo by Aron Visuals: www.pexels.com

 

තරිදු වත්සුණු හෙළා  

ලොව එකලු  කල  දුකට

ඉරිසියා  කැකුළු තරු  

ඇහිද බර වළා     කැට

කඳු අගින් එබී එබී  

ගසා ගල් සඳ    වතට  

පළුදු කර සඳක ඔප 

විදිති අරුමැති සතුට

 

විලක් කර  මත හොවා

මලක් නළවනු    මිසක

දිය අරා ගොර සපුන් 

සරන බව සඳ නොදැක

දැනී මුදු මොළොක් අත  

ඇනී  විෂ කටු    තුඩක

හිස හොවා ඉකි බිදියි 

සඳක් කළු  වළාවක

 

සඳ හෙළු මුතු අහුර  

තබා  මුදු  වළා  මැද

මීදුමකි ඇස් වසා   

සැඟව ගිය   විල නිබඳ

වළා කෙහෙරැළි මුදා 

දිලෙන දින සරා සඳ

අත් වනයි තඹරකර  

පන්සියක් කැකුළු සඳ

 

මිලින තරු එළි අදත්   

මකාවිද   මහත් සඳ


No comments:

Post a Comment