සිහින පිනි බිඳු
Image by JillWellington:pixabay.com
සිත් ගුහා ලෙන සිද බිඳ
ඉගිලී සිහින
මෙරු කැළ
තටු හලා ඇස්
පියන් අග
පලා ගිය අද
රැයකි නිදි දුව
දිලෙන තරු යුවළක එළිය වැද
රිදුම් දෙන ලය මඩල පිරිසිද
රැ දවල් සෙනෙහයෙන් ඇහිදින
සිහින පොට්ටනි
ලෙහා එක එක
සුසුම් ලා ගිනි උදුන පිඹ පිඹ
උණු කලෙමි හිම මිදුණු සිහිනය
හිමිව නැත ඒ මේඝ දූතය
පරෙවි සැළලිහිණින් කොහිද මට
සුවඳ පොදකින් ඔබව හඳුනන
මගේ හදවත පියා
සල සල
යයි තුඩින් ගෙන සිහින මුතු පොට
ඔබ නිදන උස් කුළුණ පාමුල
පිපී ඇති ලා උඳු පියළි අග
ඔබේ සුන්දර සිනා දැක දැක
දිලෙන්නට ලා හිරැ කිරණ වැද
සිඹින්නට ඔබෙ සුමුදු පා යුග
තබා එමි මගෙ සිහින පිනි බිද
එපමණකි හද ඉතිරි සිහිනය

No comments:
Post a Comment