පළුදු සඳ
Photo by Aron Visuals: www.pexels.com
තරිදු වත්සුණු හෙළා
ලොව එකලු
කල දුකට
ඉරිසියා කැකුළු තරු
ඇහිද බර වළා කැට
කඳු අගින් එබී එබී
ගසා ගල් සඳ වතට
පළුදු කර සඳක ඔප
විදිති අරුමැති සතුට
විලක් කර මත හොවා
මලක් නළවනු මිසක
දිය අරා ගොර සපුන්
සරන බව සඳ නොදැක
දැනී මුදු මොළොක් අත
ඇනී විෂ කටු තුඩක
හිස හොවා ඉකි බිදියි
සඳක් කළු වළාවක
සඳ හෙළු මුතු අහුර
තබා මුදු
වළා
මැද
මීදුමකි ඇස් වසා
සැඟව ගිය විල නිබඳ
වළා කෙහෙරැළි මුදා
දිලෙන දින
සරා සඳ
අත් වනයි තඹරකර
පන්සියක් කැකුළු සඳ
මිලින තරු එළි අදත්
මකාවිද මහත් සඳ




