දම් පැහැ මල
මගේ හිත මා
තුලම තනිවී
නුඹ තවත්
සිහිනයක් පමණි
වලාකුළ සේ හෙමින්
ගිරි හිසින් එනු
මිදී
සිහිනයක මුණගැසී
ඇවිද යමු අත්
වෙලී
යළිත් ඒ දෙනෙත්
අතරේ ගිලී
ඉසිඹුලන්නට වරම්
මට නැතී
හදගැබේ මුල් ඇතී
හද මතින් මල් පිපී
පෙති අතර මා
සෙවූ
සොදුරු ප්‍රේමය
ඇතී
ගිමත් රිදවුම්
කැළැල්
ගියා එකිනෙක
මැකී
වසන්තය අප සොයා
යළිත් එන භවයේදී
දම් පාට නොපිපි
එක
මලක් මා වෙත තබා
ඔබ නිසා පිපි සියලු
මල් රැගෙන යා
හැකී
කැකුළු මල මත වරක්
ළපලු තොල්පෙති
තබා
ප්‍රේමයක සුවඳ මුහුකල
හැකී
වහින්නට ලග ඇතී
වලාකුල මවෙත දී
ඔබට ඉගිලී මිදී
යා හැකී
-
නමක් නැති මල් පිපෙන
ඒ නිම්නයේ රැදී
ඔබම
එනතුරු යළිත්
බලා ඉන්නට හැකී

Beautifully written ayya. All the best and keep it up 👍
ReplyDeleteThanks for your encouraging comments
ReplyDelete