සප්ත වර්ණ කවිය
විලක් දිය මත ලියූ කවි මෙසේය:
අහස් වියන ඝන සළුවෙන් වසා
තියා
වනපෙත ගුගුර ගුගුරා බිම සලා තියා
විදුලිය ඉරක් ඇඳ ගිනි කණ
වසා තියා
අසෙනිය මල් ඉසියි
සිත බබළවා තියා
විල් දිය සැලෙයි නොහැගෙයි ඒ කිමද කියා
ඔබ රුව අඳිමි දියමත
රැය නෙත නොපියා
හෙට මා වෙතට ඒ යැයි විල අගෙයි කියා
පියවිලි ඇතිරු වෙමි මානෙල් කැකුළු තියා
හිදිනෙමි මගබලා නුඹ අහසම හින්දා
නෙතු මග හරිමි ඇසිපිය නොසැළෙන හින්දා
දුටු සිහිනයක් ලෙස බොඳ
වී යන හින්දා
දුර හිඳ බලමි ඔබ
හිරු කුමරිය හින්දා
විල් තෙර අහස මත ෂඩ්වර්ණයෙන් දිස්වූ කවිය මෙසේය :
පාට පිණි පොකුරු මල් පෙති මත ඉසිමි
සවනක් කැලුම් දී විල පැහැසර කරමි
ලෙස සෙවණැල්ල හිමි හිරු පසු පසින් යමි
මතු භවයෙදි නිල් මානෙල් මලක් වෙමි

Very nice ❤️
ReplyDeleteThank you
ReplyDelete