Saturday, May 6, 2023

Hamuwaka Pema-හමුවක පෙම-Love on a date-Mathaka Amathum-Nimalasiri Kalubadanagama

 හමුවක පෙම


            Photo by Văn Thắng: pexels-1415131


නුබේ අතැඟිලි රිදුම් නිවනට

මගේ දෑතේ නවාතැන්   දෙමි

නුබේ හිස පපුතුරෙ සතපා

හදේ  ගීතය අසන්නට  දෙමි

අකීකරු කෙහෙරැළි තුඩින් ගෙන

සඳක හැඩ සුළඟකට කියමි

කදුළු මල් නොපිපෙන්න තද කොට

දෙතොල තරු පාමුලින්    තබමි

හිරුගෙ නොනිමෙන පෙමක සිසිලස

තරු නිවාගත් සඳට කියමි

 

නිවෙන තරු දෙස බලා සිටිමි

සෝක ලතැවුල් නිවා ගනිමි

නැගුනොතින් වැහි වළාවක් කළු

කොපුල් මත තරු රටා අඳිමි

ගිලී ඇස් කව්ළුවෙන් හදගැබ

ඔබේ දුක් පොත සොයා ගනිමි

එකින් එක දුක් අකුරු ගලවා

ඔබ කැමති කවි ලියා තබමි

ඔබේ එක හොද සිනා කටකට

මමත් වරුවක් සිනා සලමි

 

ඉතිං කොහොමද මිමුනුවිට තරු

බැබලුනොත් සඳ වරක් සිඹිමි

සඳයි තරුවයි  රවන විට මම

ඇස් වසාගෙන  නින්ද රඟමි

සක් දෙවිඳු බැස කණට කොදුරා

තිදසපුර යනු!. බැහැයි කියමි 

ඇස අගින් මම ඔහුට සන් කොට

හිරු නිවායන ලෙසට යදිමි

යලිත් මෙතැනම ඉපිදවී නම්

මරණයද සතුටින්ම පතමි



No comments:

Post a Comment