රට හැරයන ම මිතුර
මහාසෑය පිස හමන
වාමඬල දුන් දිරිය
මුවපුරා අවුළුවා
නැවුම් පැතුමක එළිය
විසිවසක් ගෙවුමුත්
හෙටත් සිහි කළ හැකිය
වෙල්දෙණියේ සුවඳ බැඳ
කොළඹ ආ මුල් දිනය
වාමඬල දුන් දිරිය
මුවපුරා අවුළුවා
නැවුම් පැතුමක එළිය
විසිවසක් ගෙවුමුත්
හෙටත් සිහි කළ හැකිය
වෙල්දෙණියේ සුවඳ බැඳ
කොළඹ ආ මුල් දිනය
රෑ දවල් විදි
වෙහෙස
හිරැ නොදත් රහසක්ය
හැරී බැලු විට සැරිය
ඇරඹුනා පමණක්ය
ඇස්පනාපිට බිදුණි
ජීවිතේ සව්සිරිය
එපා ලතැවුල් ගන්න
නුඹ එකෙක් විතරක්ය
හිරැ නොදත් රහසක්ය
හැරී බැලු විට සැරිය
ඇරඹුනා පමණක්ය
ඇස්පනාපිට බිදුණි
ජීවිතේ සව්සිරිය
එපා ලතැවුල් ගන්න
නුඹ එකෙක් විතරක්ය
කැදැල්ලෙන් පිට ඉගිල්ලෙන්නට
ඇත් රජුගේ වෙර සිතට වේවා
තබනතුරු කෙම්බිමක පියවර
ඔබට බාධක හමුනොවේවා
නොහිම් පැතුමන් එකක් නෑරම
නැගෙන හිරු මෙන් සඵල වේවා
සසර ඉපදී එකම මවුබිම
වෙන්නොවන සොහොයුරන් වේවා
ඇත් රජුගේ වෙර සිතට වේවා
තබනතුරු කෙම්බිමක පියවර
ඔබට බාධක හමුනොවේවා
නොහිම් පැතුමන් එකක් නෑරම
නැගෙන හිරු මෙන් සඵල වේවා
සසර ඉපදී එකම මවුබිම
වෙන්නොවන සොහොයුරන් වේවා

No comments:
Post a Comment