ගසක මතක
Photo by Vlad Bagacian-www.pexels.com
අප උදාරම්ව පාව ගිය මාවතක
ඇවිද යමි දකිමි ඇහිදිමි
ඔබ මොහොතක් නැවතී හැරී
මවෙත හසරැල් මල් මිටක් දුන්
නිහඬ නෙත් හෙලා වුන්
සල්ලාප අසා වුන්
නම නොතත් විසල් රුක
එලෙසමය තවම
ලෙස සොදුරු යුවතිය
නීල වරලස විදහන
පිරිමැද බැලිමි
සිනිඳුය පිණි ඇතිරූ ලපළු පත්
හෙවන සුවදායකය
තාමත් පෙරසේම
ඉහිරිලා සුවඳ
ඔබ මා ලඟ ලෙසක
ඇසෙන මිණි සිලි සිලිය
බමර ගී මුනුමුණුව
සුළං හා තුරු’තුර
රැඟුම් අනුරාගිකය
මුදු බැලුම්
අගිස් පිපී
හිනැහේය දිලිසේය නැළවේය
හිස්ව මෙහි ආයේ
දැකීමට නොවූවද
ඔබ දකිමි හැම අත
පියාගෙන දෑස
හද පුරා විදිමි මම
ඒ සොඳුරු පහස
දැනෙයි තරු නෙත් කැල්ම
හෙලා බව මවෙත
ඔබ ඔතැන මම මෙතැන
බර වැඩියි සිතක
ස්නේහයක මතක
මෙයම වෙයි හද සරය
දිවි තුරා වැයෙන
ඔබ පිදූ ආදරය
එය පමණි ජීවිතය


