පිනි බිඳක මිල..
අහස පිනි බිඳු හෙලා
පොළව සනසනු විනා
අබළුවක
වන්දියක්
හිතින් නොපැතූ නිසා
මලක් ඒ පිනි බිදක්
සිනිදු පෙති මත
තබා
සිනාසෙන උජාරුව
අහස එබිකම් කලා
වලාවක් ගෙන එලා
අහස බිම
වැතිරිලා
ගලා එන සත්
වර්ණ
කිරණ සිත්තම්
කලා
ලොවේ ඇතිතෙක්
දේට
මිලක් පවතී කියා
පිනි බිදක මිල අසා
මලක් ඇවිටිලි කලා
පිනි පොකුරැ
මල් බෙදා
නොහිම් සතුටක්
ලබා
මලේ ලංසුව අසා
අහස කැළඹි ගියා
මිලක් වීනම් දෙයක
පාට හිමි නැති නිසා
සත් වර්ණ නිවාගෙන
අහස නොපෙනී ගියා



.jpg)
