ගලා යනු මැන ඔබ...
Photo by unsplash.com
කඩදාසි මල් පිරුණු
මිටියාවතින් හැරී
රළු බොරළු මඩ ගොහොරු
හෙමින් පසු කර එමී
හද මඩල අවදිවී
ඒ
සිනා හඩ ඇසී
සසරෙ පෙර පුරුද්දෙන්
ඔබව හදුනාගමී
සිනා දහසක් එකම
සිනාවක් මත රැදී
ඇද හැළෙන කාන්තිය
නෙත් පුරා විදගමී
ලෙසින් සඳ එළිය මිස
සඳක් හිමිවී නැතී
ඔබේ එක දිය බිඳක්
දෙතොල තවරා ගමී
අසනි වැසි මැද තෙමී
හිතක් ඇත ගල් ගැසී
පැතුම් මල් පෙණ පොදී
රඟන දෑතේ වෙලී
ඔබම තෝරා ඇතී
සොදුරු ගමනක් ඇතී
ගලන්නට ගිගුම් දී
ඉතින්
මම නවතිමී
වරක් නැවතී හැරී
ඔබේ රුව ඇඳ ගමී
මතු සසරෙ දිනකදී
දිය සොයා පැමිණෙමී

.jpg)

.jpg)
