දිය රළ
සයුරු තෙර රළ පෙනෙන මානෙක
විසුල වැලි මාළිග
තනා
ඔබේ රුව සුදු
වැලි තලා මත
නිදි වරා සිතුවම් කළා
පෙන පබළු අමුණා සුදෝ සුදු
සොඳුරු සිරියහනක් තනා
ඔබ කැමති කවි ලියා පෙති මත
වන මලින් වියනක් කළා
වසත් කල මේ දැන්
එතියි සිතු
කල්පයක් ගෙවිලා ගියා
වියළි තොල දිය යදින සවසක
ගිමත් කල නිමවා තියා
සිහිල ගෙන දියරළක්
සපැමිණ
වැලිකතර උයනක් කළා
ස්නේහයක පෙර පුරුදු සුවඳක්
හදවතේ ගල්වා තියා
මතක එළියක් ඉතිරි කොට හෙට
ආ සැණින් පිටවී ගියා
කල්පයක් මා සමඟ උන් සිත
රළ අතර සැඟවී ගියා
.jpg)

.jpg)

