අපි ඉත්තෝ!!
Photo by Tai's Captures on Unsplash
අහක ලූ දඩු කඩින් ඉපදුනි
පයින් මැඩ රළු බිමේ ඔපවුනි
පාට දෙකකින් බෙදී වෙන්වුනි
කඩු අමෝරා සටන් ඇරඹිණි
කපන උන් උඩට
කැපෙන උන් අහකට
කැපූ කල ආදරෙන් හාදු දී
කැපුනු කල තූ! කියා නිගරු දී
අඳ බාල උන් ඔහේ අදින අතකට ඇදී
රාමුවක ඉමු ඇලී
ජිවිතය පුස් බැදී
අපේ ඉරණම උන්ගෙ සෙල්ලමකි නැති බැඳී
කැපූ උන් කැපුන
උන් යළි එකට මුණ ගැසී
අඳුරු අගු පිලට වී දිවි ගෙවමු හිරිවැටී
ඇදපු උන් මධු සාද ජය නදින් බිහිරි වී
අපි අපිම කැති ගාමු හෙටත් දෙපසට බෙදී
අපි ඉත්තෝ!!
.jpg)



