ඊ හස්න
Photo by: Mohamed Hassan - pixabay.com
විඩා බර දිනක
අග
සිනාවක මතක ඉම
සොයා ගිය අතර
තුර
අහස් කුස දෙබෑකර
දුනුදියෙන්
මුදා හළ
රුදුරු ඊ තල
පහර
අකුණු පහරක
සරින්
හරි මැදින්
පපුතුරේ ඇනුනා
ගිනි පුපුරු හදවතේ දැනුනා
තියුණු විස තුඩු
අගින්
විවර කල හද
ගැබින්
අතීතයෙ එකතු කල
වෛවර්ණ සහස් මල්
කැබලි වී සිදුරු
වී
ලේ දහර ගලා එන
කාගෙන්ද කොතැනින්ද
පුරුදු සුවඳක්
රැදී තිබුණා
විදුම් හළ ඊ හසුන ලැබුණා
සඳ සිසිල ගලා එයි
ඇවිද ගිය පටු මගේ
ගිනි පුපුරු නිවීයන
මතක පිනි බිදු
වැටේ
තබා ලතැවුල්
සුසුම්
ඊ ය ලූ හියවුරේ
ඔබ තුටින් යා යුතුයි
ඉතිරි දුර ජීවිතේ
හී තුඩඟ ඇමිණෙමින්
මතකයන් හදවතේ
අතීතය පමණි මගෙ
අද පටන් ජිවිතේ

