හිම වැටෙන වසන්තය
Photo by Sid Sun on Unsplash
හිරු පිපී හිනැහෙද්දී -ලා රතු
අහස් ගැබ තටු -සලා ඉගිලෙන
විහඟ ගී නද -අසනු ලොබ වී
ළපළු කන් පෙති -මවා තුරැ හිස
පන ලබා නව -අගිසි මත රතු
කැකුළු මල් තුඩ -සුවඳ විහිදෙන
ඔබ රැගෙන එන -වසන්තය මග
නතර කොට මා -අතින් ඇදගෙන
ඔහුගේ අභියස -පුදුම කරනට
ගෙවෙන හැම තත්-පරය අග ඔබ
එතැයි මම මග -බලා සිටියෙමි.
හිරු වසා කළු -වළාකුලකින්
වියරු සුළගක් -තොල සපාගෙන
අහස කැළඹී -වේදනාවෙන්
කඳුළු වගුරනු -බලා තුරැ හිස
බියෙන් හැකිලී -ලපළු අතු ඉති
කැකුළු මල් යායක් -වැටී බිම
ඇස් දවා යන -හිම පියලි ගෙන
කුණාටුව දොර -අගුළු බිදගෙන
සම සිඳී ඇට-මිදුළු දක්වා
සියුම් රිදුමක් -ඉතිරිකර හෙට
දිනක් ඔබ මා -වෙත ගෙනා හැටි

Nice one
ReplyDelete