Thursday, June 15, 2023

Mal Nathiva Mal Suwada-මල් නැතිව මල් සුවඳ-The Fragrance of Flowers without Flowers-Mathaka Amathum-Nimalasiri Kalubadanagama


මල්  නැතිව  මල් සුවඳ

 

                                                Photo by Valeria Boltneva: www.pexels.com



සිනිඳු පෙති මත ඇත නුඹේ වත

නේක පැහැයෙක රෝස මල්මිට

සහස් හිරු පෑ දෑස් දල්වා

දෙවොල වෙත බැති සිතින් එන සඳ

අකල්හි ආ වියරු සුලඟක

ගැටී මල් පෙති විසිර දස අත

එක මලක් වත් ඉතිරි නොකරම

සොරා ගත් ලෙස ආත්මය මුළු

පුදන්නට කිසි දෙයක් දැන් නැත

 

දවා ගිය  හදගැබක  මුකුළිත

හමා  එන දුක් සුසුම් සිරකර

නෙතු අගක  පිණි දියෙන් තෙම තෙම

තබමි පුදසුන සුසුම් එක එක


නොඑනු යළි වියරුවේ මාවෙත

සුසුම් මල් ඇත පිපී  යායක

නොසෙල්වී ලෙස  ඉන්ද්‍රඛීලය

පැරදවමි ඒ චණ්ඩ  මාරුත

 

තරු එළිය දැක නින්ද නොම දැක

කළු වළා මත සිහින ඇඳ ඇඳ

වළාකුළු ඉර ඉරා විසිකළ

පිණි පලස් මත රෝස යායක

මල් නැතත්  මල් සුවඳ තව ඇත

 

අසනු මැන දෙවි යොමා දිව නෙත

තිස් පැයේ ලයමඩල විමසන

පෙමක් වී  ඒ තරම් මනහර

කිමද  සුසුමක් දී මෙහෙම බර

2 comments: