ලෝ දහම
Photo by Hannah Reding on Unsplash
ප්රිය ගංගාව - නවතින්න
ඔබ ඔතැන
නොමැත කිසි
අර්ථයක්
මේ ගැල්ම
-
ප්රිය සයුර මම්
ගිරි දුර්ග - මල් උයන්
පසු කලෙමි
වෙරළ’ගින්
මේ ගැල්ම
නිම කරමි
-
දිය ඇල්ල - වන නිල්ල
ඔබේ සුව නැවතිල්ල
රළ බිදින - මේ ලවණ
උරුම නැත ගඟ නුඹට
-
සිහිල් මේ දිය දහර
නුඹෙම
විය පෙරදාක
ඇරඹුම ද නැවතුම ද
සයුර වේ ලෝ දහම
මේ ගඟට ඉඩ දෙන්න
රැළි අතර මුහු වෙන්න
-----
මුතු
රැළිති විහිදුවා ඉල්පෙන්න
ගං දෑල මල් කිනිති සිප ගන්න
නොමිදෙන්න - නොසිදෙන්න




