සේපාලිකා
Photo by Lorenzo Manera: pexels.com
දයාබර සඳ එපා
බැසයන්න
තව දුරයි නැවුම්
පෙර අරුණැල්ල
ආදරණිය සුළඟ ඔබ
නොහමන්න
තවත් මල් සුවඳ නැහැ
ගෙනයන්න
සොඳුරු තරු එළි නිවා
නිදියන්න
රැයක් මා දරා උන්
මලේ පෙති සිපගන්න
රැහැයියනි නො හඬන්න
එක වරක් අහගන්න
සමුගන්න පෙර හෙමින්
ආදරෙයි පවසන්න
-----
නටුව නුඹ පිනි බිංදු
නොහෙලන්න
සේපාලිකා සුවඳ දුන්නේම
ගිලිහෙන්න...
