සඳ දියඹ
නිමක් නැති සයුරු
දිය
රල මතින් ඇදෙමි
මග කියන තරු අතර
රාත්‍රිය ගෙවමි
යාත්‍රා
කවුළුවෙන්
සඳ මඩල දකිමි
සෙනෙහසේ තොටුපළට
සඳ ඇසින් එබෙමි
ඇය තුටින් නිදන
බව
නෙත වසා පෙන්වා
සඳ හෙමින් හිනැහුණා
ඇගේ මුව අන්දා
සඳේ කිරණක නැගී
සිහිනයට රිංගා
දෑත් ගෙන පැමිණෙමි
වලාවක හංගා
නැව් බදේ හැපි හැපී
රල හඬන සයුරේ
කටු යහන මත
වැතිර
මතක මං අතරේ
රැය පුරා
ඇවිදයමි
ප්‍රේමයේ නගරේ
කොපුල් මත
තවරමි
සඳ වතුර සොදුරේ
සඳ දියේ පා
කරමි
හුදකලා සුසුම
එහි තබා එවනු මැන
ඔබෙ සුවද හුස්ම
සයුරු දිය මත අතුල
ස්නේහයේ කැල්ම
සොයා ඉම ඇදී එමි
පහන් ටැඹ වෙතම
